Colombo Today Local News

ඉතිහාසයේ වැඩිම ළමා අපචාර හා හිංසා නඩු ප්‍රමාණයට නීතිපති උපදෙස් දී අවසන් – නඩු ගණන 12,968

පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ළමා අපචාර හා හිංසා නඩු 12,968ක් අවසන් කර අවශ්‍ය උපදෙස් මේ වන විට ලබා දී තිබේ.

2019 ජනවාරි මස සිට 2020 ජුලි මාසය දක්වා කාලය තුළ මෙම නඩු ඉදිරිපත් ව ඇතැයි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

එයින් සැකකරුවන් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට නඩු 6,149ක් යොමු කර තිබේ.

සැකකරුවන් 4,372 දෙනෙක් මේ වනවිට නිදහස් කර ඇතැයි ද පැවසු අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය, පොලීසියට මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම සඳහා නඩු 2,447කට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි ද සඳහන් කළාය.

නීතිපති දෙපාර්තමේන්තු වේ ළමා අපචාර අංශයේ මේ වන විට නඩු 851ක් පිළිබඳ විභාග කෙරෙමින් පවතින බවද ඇය පැවසීය.

Related posts

සීනි ආනයන බද්ද ශත 25 දක්වා අඩු කරයි

colombotoday

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

මුතුරාජවෙල කුණු කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වයි… කඩොලාන පරිසරයට හානියක් නෑ !

colombotoday

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

colombotoday

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

colombotoday