Colombo Today Local News

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස්ට සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුල් පලිසේන යන අයට ඇප ඉල්ලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට (07) ලිඛිත ඇප අයැදීමක් ඉදිරිපත් කර තිබේ.

ඔවුන්ගේ නීතිඥයන් විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ අතර ඇප අයැදීම සම්බන්ධයෙන් නියෝගය ලබන 16 වැනිදා ලබාදෙන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය දන්වා ඇත.

විත්තියේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ ලිඛිත සැලකිරීම් ලබන සිකුරාදාට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට දන්වා තිබේ.

පසුගිය ඉරිදා (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන එදින රාත්‍රියේ කොටුව මහෙස්ත්‍රාත්වරියගේ නිවෙසට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත්වරිය විසින් පසුගිය 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර 05වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වැනිදා දක්වා ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පැමිණිල්ලේ ලිඛිත සැලකිරීම් සඳහා නඩුව අද (09) යලි කැඳවීමට නියමිතය.

Related posts

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

තවත් විශ්වාසභංගයකට සියල්ල සූදානම් ! මෙවර එජාපයෙන් !

colombotoday

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin

Online ඔස්සේ රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

“ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක හමුව ජනපති අමතයි

Admin

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin