Colombo Today Local NewsCovid 19World

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ ප්‍රයන්තය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කළේය.

ඊයේ (13දා) සවස විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මෙම හදිසි අවස්ථාව පිළිබඳ ඇමෙරිකාව දැනුවත් කළේය.

මෙම ජාතික හදිසි අවස්ථාව වෙනුවෙන් ඇමෙරිකාවේ සියලුම ප්‍රාන්ත සම්බන්ධ වන අතර, මෙම ක්‍රියාව ඇ.ඩො.බිලියන 50ක් දක්වා වූ ප්‍රවේශයක් බවද ඇමෙරිකානු නායකයා සඳහන් කළේය.

මෙම වෛරස ආසාදනයට එරෙහි ඒකාබද්ධ සටනේදී සියලු ප්‍රාන්ත සහ කලාප මෙන්ම නගර සඳහා මෙය විශාල මුදලක් බවද ඔහු පවසා සිටියේය.

ජනාධිපතිවරයා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කරමින් ස්ටැෆර්ඩ් පනත ක්‍රියාත්මක කිරීමටද කටයුතු කර තිබේ. ස්ටැෆර්ඩ් පනත යනු අතිරේක ෆෙඩරල් අරමුදල් නිදහස් කර අරමුදල් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසන පනතකි.

එමෙන්ම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස ට්‍රම්ප් සියලුම ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේය.

මේ අතර, කොවිඩ්-19 ආසාදනය වී ඇත්දැයි තහවුරු කරන පරීක්ෂණ සෑම අයෙකුම සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ට්‍රම්ප් කියා සිටියේය.

“යමෙකු මෙම පරීක්ෂාව නොකළ යුතු යැයි අපට හැඟේ නම් ඔවුන්ගේ පරීක්ෂණයක් කිරීමට අපට අවශ්‍ය නැහැ. සෑම කෙනෙකුම දුව ගොස් රැගෙන යාම අපට අවශ්‍ය නැහැ. ඔබට යම් රෝග ලක්ෂණ ඇත්නම් පමණක් පරීක්ෂණයට මුහුණ දෙන්න.” ට්‍රම්ප් කීවේය.

එමෙන්ම ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කළේ පෞද්ගලික විද්‍යාගාර සහ එන්නත් සංවර්ධකයන්ට මාසයක් තුළ නව කොරෝනා වෛරස පරීක්ෂණ මිලියන පහක් ලබාදිය හැකි බවයි.

යන එන ගමන් සිදුකරගත හැකි ලෙස නව කොරෝනා වෛරස පරීක්ෂණ වැඩි පිරිසකට ලබාදීම සඳහා පරීක්ෂණ ස්ථාන සකස් කරන බවත්, වෙනත් රටවල මෙය ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු කියා සිටියේය.

Related posts

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

colombotoday

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

colombotoday