Colombo Today Local News

“ආවා” කල්ලියේ පහරදීමකින් “රොක්” කල්ලියේ දෙන්නෙක් රෝහලේ

යාපනය මාණිප්පායි ප්‍රදේශයේදී අද (28) අලුයම නිවසකට කඩා වැදුණු පිරිසකගේ පහරදීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කළ  බවට මාණිප්පායි පොලීසිය  පවසයි.

රොක් කල්ලියේ සිට අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටින  අයකුගේ  නිවසට අද අලුයම 5.30 ට පමණ යතුරු පැදි තුනකින් 09 දෙනෙකු පමණ පැමිණි ‘ආවා‘ කල්ලියේ යැයි සැක කෙරෙන පිරිසක් තියුණු ආයුධ වලින් පහරදීම සිදු කර ඇති අතර එහිදී රොක් කල්ලියේ  සාමාජිකයා සහ ඔහුගේ  සහ සහෝදරියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කළක සිට ධනු රොක් කල්ලය හා ආවා කල්ලිය අතර ගැටුමක් පවතින හෙයින් මෙම පහරදීමද ආවා කල්ලිය විසින් සිදු කරන ලද පහරදීමක් බවට සැකකරන බවත් තුවාල ලැබූ පිරිස් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.

රොක් කල්ලි සාමාජිකයාගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කිරීමේ නිවසටද දැඩි හානි සිදු වී ඇතැයි පොලීසිය පවසයි.

Related posts

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී මනෝ ගනේෂන් ජනපතිගේ මුහුණටම කී‌ දේ

colombotoday

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin

නිරෝධායන නීති කැඩූ 186ක් අත්අඩංගුවට

colombotoday