Colombo Today Local News

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වගකීම භාරගන්නේ කවුද? මුජුබර් රහුමාන් අසයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතට රටේ වටිනාම ආයතන ගැසට් කර තිබුණද එම ආයතනවල වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න තවමත් ප‍්‍රහේළිකාවක් බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් ඊයේ (12දා) පැවසීය.

රාජ්‍ය ආයතන තිස් ගණනක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණද ආරක්ෂක අමාත්‍යවරයා කවුරුන්දැයි පැහැදිලිව දක්වා නොමැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රටේ වැදගත්ම ආයතන එකසිය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයයක් නොමැතිව පිං පඩි සහ වරප‍්‍රසාද ලබමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

2015ට පෙර රාජපක්ෂ ආණ්ඩු සමයේ කාර්යභාරයක් නොමැතිව පත්කළ ඇමති තනතුරුවලට වර්තමානයේදී රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර සිටින බවද ඔහු කීය.

Related posts

කොටබෝවේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

Admin

වකුගඩු ජාවාරමේ මහ මොළකරු අත්අඩංගුවට

colombotoday

ජනාධිපතිවරණය කිසිඳු අයුරකින් කල් දමන්න අපි ඉඩ ‌දෙන්නේ නෑ – චම්පික රණවක යලි කරලියට

colombotoday

පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩ නෑ… ස්විස් නාඩගම අතේ පත්තු වෙයි.. සේවිකාවට නඩු !

colombotoday

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

colombotoday