Colombo Today Local News

ආධාර ලෙස ලැබුණු පී.සී.ආර්. මෙරටට උචිත නෑ

ආධාර වශයෙන් ලැබී ඇති පී.සී.ආර්. පරීක්ෂණ උපාංග රැසක් මෙරට භාවිත කරන පී.සී.ආර්. යන්ත්‍රවලට උචිත නොවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ගැටලුවකට මුහුණ දී සිටියි.

ආධාර වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ උපාංග රැසක් ලැබී තිබේ. මෙලෙස ලැබෙන උපාංග සහ යන්ත්‍ර සෘණ 20ක උෂ්ණත්වයක තැබිය යුතුය.

යුරෝපා රටවල් සහ චීනය, මෙවැනි යන්ත්‍ර සහ උපාංග නිෂ්පාදනය කරති.

කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍රවලට අවශ්‍ය උපාංග පිළිබඳ නිවැරදි වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුපියල් මිලියන 150ක් පමණ වටිනා නවීන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් සහ ඊට සරිලන උපාංග සෞඛ්‍ය අමාත්‍යාංශයට පසුගියදා භාර දෙන ලදී. එම යන්ත්‍රය අනුරාධපුර මහ රෝහලට ලබාදී ඇත. ඒ අනුව මෙරට තිබෙන පී.සී.ආර්. යන්ත්‍ර සංඛ්‍යාව 115ක් වෙයි.

Related posts

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday

“ටොසී“ බුද්ධි සේවාවේ මහ කොටියෙක් උතුරු ඇමතිගේ උපාය උපදේශකකමට

colombotoday

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය දැනුම්දෙයි

colombotoday

අන්‍ය ආගමික ස්ථානවලට පහර දෙන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, අගමැතිගෙන් උපදෙස්

colombotoday

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday