Colombo Today Local News

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන ජනපතිව දැනුවත් කරලා නෑ – ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

2019 අප්‍රේල් 08 වෙනි දා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීමේ දී 
ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අද(30) නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය විසින් මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

-උපුටා ගැනීම- 

“අප්‍රේල් 21 වන දා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පත් කළ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ පළ වී තිබේ. 

එකී මාධ්‍ය වාර්තා ම`ගින් කියැවෙන්නේ 2019 පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බවයි. 

ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ සිදු කෙරුණු සාකච්ඡා නිල නොවන ලෙස මාධ්‍ය ම`ගින් පළවීමට පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනස් ව්‍යුහයකින් යුක්ත වූ ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවන්නට කටයුතු කෙරිණි. 

එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුළ සති දෙකකට වරක් අඛණ්ඩව රැස් වී තිබූ අතර, ඇතැම් අවස්ථාවල ගරු ජනාධිපතිතුමා විසින් සතියකට වරක් ද එම රැස්වීම කැඳවීමට කටයුතු කළේය.

එමෙන් ම 2019 අප්‍රේල් 08 වෙනි දා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීම ද ගරු ජනාධිපතිතුමා විසින් කැඳවා තිබිණි. 

පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ඡාවේ දී හෝ මෙවැනි ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැත. 

එමෙන් ම අප්‍රේල් 21 සිදුවීම සිදුවිය හැකි බවට විදේශ මිත්‍ර රටකින් ලබා දී තිබූ කිසිදු තොරතුරක් පිළිබ`දව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියකු විසින් ගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවර ගෙන නොතිබිණි.

එබැවින් මෙම සිදුවීම පිළිබ`ද ගරු ජනාධිපතිතුමා දැනුවත් කර තිබූ බවට පළ වන දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපතිතුමා දන්වා සිටී. “
– උපුටා ගැනීම අවසන් – 

Related posts

භික්ෂුව තමන්ගේ භූමිකාව වන ධර්ම කටයුතු කරගෙන ඉන්න. නීතිය කැඩුවට අධිකරණය ප්‍රතික්‍රියා කරයි. – උතුරේ ආණ්ඩුකාරයා තග දමයි

colombotoday

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

colombotoday

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

colombotoday

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday

කාටවත් ජනපතිවරණය දිනන්න ඉඩ තියන්නෑ – 2020ට ජවිපෙනුත් අපේක්ෂකයෙක් !

colombotoday

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග

colombotoday