Colombo Today Local News

අපට අවශ්‍ය ණය නොවේ.. ආයෝජනයි.. ජනපති චීන තානාපති හමුවේ කියයි

සංවර්ධන ප්‍රයත්නයේදී තවදුරටත් විදෙස් ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන සඳහා ප්‍රමුඛත්වය දී ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අද උදෑසන නව චීන තානාපති ක්වි සෙන්හොන් මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවයි.

චීන තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීම සඳහා මෙම හමුව සිදු විය.

චීනය අත් කර ගත් ආකාරයේ ග්‍රාමීය සංවර්ධනයක් මෙරට ඇති කර ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සිය ප්‍රධාන ඉලක්කය බව පැවසූ ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා චීනයේ සහය අපේක්ෂා කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නව චීන තානාපතිවරයා පවසා ඇත්තේ, මෙරට සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට චීනය උපරිමයෙන් දායකත්වය ලබා දෙන බවයි.

ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් දේශයක් ලෙස නැගී සිටිනු දැකීම චීනයේ අභිලාසය බව ද ඔහු එහිදී පවසා ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම්, පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

ඇමති වසන්ත සේනානායක ස්වාධීන වෙයි…

colombotoday

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

colombotoday

“ප්‍රභාකරන් වැඩි කාලයක් ඇසුරු කිරීමට නොලැබීම ගැන කණගාටු වෙනවා” – එරික් සෝල්හයිම්

colombotoday

කොටස් වෙළදපොළ ඒකක 6000 සීමාවෙනුත් පහළට ඇද වැටේ.. වෙබ් අඩවියේ දත්ත මකා දැමේ !

colombotoday

රෝහල් සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

Admin

ඩයනා ගමගේට නොතීසි

Admin