Colombo Today Local News

අනුරාධපුරේ හිමිවරු 8 නමක් උපවාසයක

අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පදිංචි බෞද්ධයන් බලහත්කාරයෙන් අන්‍ය ආගමකට බඳවා ගන්නා ව්‍යාපාරයට විරෝධය පළ කරමින් ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරාධිපති රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩවසන හිමිවරු 8 නමක් අද (30) අඛණ්ඩ  උපවාසයක් ඇරඹුහ.

මෙම උපවාසයට ආධාර අනුබල දෙමින් එම විහාරස්ථානයේ දායක දායිකාවන් පිරිසක් ද විහාරස්ථානයට රැස්ව සිටිති.

මෙම උපවාසය පිළිබඳ අදහස් දක්වමින් බෝධිරැක්ඛාරාම මහා විහාරාධිපති රාජාංගණයේ සද්ධාරතන හිමියෝ මෙසේ පැවසුහ.

‘තලාව ප්‍රදේශයේ මුලස්ථානයක් ලෙසට පවත්වා ගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක පිරිසක් ප්‍රදේශයේ ගම්මානවලට පැමිණ නිවසක් සාදා ගන්නට ආධාර වශයෙන් සෙවිලි තහඩුවක්,වැසිකිලි පෝච්චියක් වැනි යමක් දී බෞද්ධයන් අන්‍ය ආගමික සංවිධානයකට බදවා ගන්නවා. ගම්වලට ඇවිත් නොයෙකුත් යාතිකා කරනවා.මේවාට බෞද්ධයින් වැඩි පිරිසක් විරුද්ධයි.

මේ සම්බන්ධයෙන් එම පිරිසට මම අවවාද කර ඔවුන් හරවා යැවුවාට විරුද්ධ වෙලා. මට විරුද්ධ පොලිසියේ බොරු පැමිණිල්ලකුත් දමලා. මම ගැහුවා බැන්නා කියලා. ඕනි ආගමක් ඇදැහැව්වාට අපේ විරුද්ධත්වයක් නැහැ. ඒ වුණාට මෙහෙම සිංහල බෞද්ධ ගම්මානවලට පැමිණ මේ ආකාරයට ටකරන් කෑල්ලක්, වැසිකිළි වළක් දීලා ආගමට හරවා ගන්නවාට අපි විරුද්ධයි.‘ 

Related posts

බ්‍රිතාන්‍ය කොටි තහනම දික් කරයි

colombotoday

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම හොරු රැළක් යටතට !

colombotoday

ආබාධිත රණවිරුවන් දුක කියද්දී ආරක්ෂක ලේකම්ට මළ පනී.. පස්සෙ බලමු කියා යන්න යයි !

colombotoday

අස්වැසුම අයදුමට හැදුනුම්පත අනිවාර්යයි

Admin

(Video)යහපාලනයේ විරුද්ධ පාක්ෂික දඩයම් ක්‍රමවේදය නාමල් සරලවම පැහැදිලි කරයි

colombotoday

හිමි නම කොයිදැයි විමසා රියදුරට පහර දීලා.. මැරයෝ පොලීසිය ලවා නීතියත් නමයි !

colombotoday