Colombo Today Local News

අධිකරණ තීන්දුවෙන් පසුත් ජනපති වෙනස් නොවෙයි.. රනිල් එක්ක ආණ්ඩු බෑමයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අතර පැවැති සාකච්ඡාවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ.

“ රනිල් වික්‍රමසිංහ සමග ඉදිරි ආණ්ඩුවක් කිරීමට බලාපොරොත්තුවක් නැති බව (ජනපති) ප්‍රකාශ කළා. ඒ තීන්දුවේ එතුමා දිගටම ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාට ආණ්ඩුවේ කොටසක් වෙන්න කිසිම අවස්ථාවක එපා කියලත් කිව්වා. අපි 95 දෙනා එකට ඉදලා දේශපාලන තීන්දුවක් ගැනීමටත්, හෙට හැන්දෑවට නඩු තීන්දුවක් තියෙනවා. ඉන් පස්සේ අපේ දේශපාලන තීන්දුව ගන්නවා. ආණ්ඩුවේ ඉන්නවාද නැත්ද යන්න එහිදී තීරණය කරනවා.”

Related posts

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත අද හෙටම පාර්ලිමේන්තුවට

colombotoday

රාජිතට සහ මොහොමඩ් රූමිට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ

colombotoday

උදයංග පෙබරවාරි 17 දා තෙක් රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday