Colombo Today Local News

රාජිතට සහ මොහොමඩ් රූමිට එරෙහිව අධි චෝදනා ගොනු කෙරේ

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනාපත්‍ර ගොනු කර තිබේ.

ඒ, ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙනි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන ගොනු පරික්ෂා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අදාල අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහය යටතේ බොරු සාක්ෂි නිර්මාණය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී අධිචෝදනා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර ඇත.

මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර තිබේ.

Related posts

ONE SHIT ගොනජගේ තිත්ත ඇත්ත විස්තරේ. – නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සිදුකල වංචා සහ දුෂණ

colombotoday

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday

අපු‘ර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර්වල තඹ කම්බි උස්සලා

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday

ප්‍රශ්නකාරී යමක් සිදුවී තිබෙනවා… සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිතයි – කාලෝ ෆොන්සේකා

colombotoday

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday