Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

අද මධ්‍යම රාත‍්‍රීයේ සිට වර්ජනය කි‍්‍රයාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඉල්ලීම් හයක් මුල් කර ගෙන අද මධ්‍යම රාත‍්‍රීයේ සිට පැය 48 ක කාලයක් මේ වර්ජනය කි‍්‍රයාත්මකයි. මේ නිසා හෙට පෙරවරු කාලයේදී දුම්රිය මගින්ට ගමනා ගමන ගැටළු වලට මුහුණ දීමට සිදුවනවා.

විධිමත් ආකාරයෙන් දුම්රිය ස්ථානාධිපතිවරු පත් කිරීම සහ උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම සඳහා මේ වර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග වෘත්තිය සමිති සාකච්ඡුාවක නිරත වී සිටිනවා. ඔවුන් ඊයේ දහවල් ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග ද සාකච්ඡ කළා.

වෘත්තීය සමිති නායකයින් ප‍්‍රකාශ කලේ තමන්ගේ ඉල්ලීම් ලබා දීම සම්බන්ධයෙන් ඇමතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් දැක්වු බවයි. එහෙත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වන බවට දුම්රිය වෘත්තීය සමිති නායකයින් චෝදනා කරනවා.

Related posts

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

ලංකාවේ අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

දිවයිනේ රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යනවා…

Admin

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday