Colombo Today Local News

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මීගමුව බන්ධනාගාරයට නීති විරෝධී ද්‍රව්‍ය ගෙනයාමට අවසර ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජේලර් කාලිංග කළුඅග්ගල මෙම මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව අධිකරණයෙන් පසුගිය දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

ඒ අනුව ජේලර් කාලිංග කළුඅග්ගල ඊයේ (24)දින පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් පසු ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අතර ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

මාතරදී යාචකයෙකුගෙන් රෝස් පාන් දන්සලක්

colombotoday

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීමට අලි සබ්රි නිව්යෝර්ක් නුවරට..

colombotoday

මුව ආවරණ ඉවත්කිරීම අත්හිටුවයි

colombotoday

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

Admin