Colombo Today Local News

හෝමාගමින් අල්ලා ගත් තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු පොලිස් අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන සිටින “ගගන” නමැත්තාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන සරත් ඒකනායක නොහොත් “මහරගම බුබුලා” අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් පන්නිපිටිය නියඳගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

නියඳගල ප්‍රදේශයේ පිහිටි මොහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී අඩි දෙක සහ දෙකහමාර බැගින් දිග තියුණු ආයුධ කිහිපයක් සහ නිවසේ උඩුමහලේ වගා කර තිබු ගංජා පැළ තවානක් ද, පොලිස් බාරයට ගෙන ඇත.

ඒ අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයාගේ වත්කම් සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකිරීමට හෝමාගම පොලීසිය මේ වන විට පියවර ගෙන ඇති අතර දැනට රිමාන්ඩ් භාරයේ පසුවන “ගගන” සමග පවතින සබදකම් පිළිබඳව ද, පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

සැකකරු මේ වන විට පොලීසිය බාරයේ රඳවා තබාගෙන පරීක්ෂණ සිදුකෙරෙන අතර අද (07) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

කථානායකටත් කොරෝනා

colombotoday

මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන මෙන්න

colombotoday

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

colombotoday

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

විපක්ෂ නායකවරයාගේ කාන්තා දින පණිවිඩය

Admin

මහ කන්නයේ බඩඉරිගු ගොවීන්ට විසිදාහක ආධාරයක් – බීජ හා පොහොරත් නොමිලේ

Admin