Colombo Today Local News

හිටපු මහෙස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි නඩුව දෙවන දිනටත් යළි කල් යයි

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය දෙවන දිනටත් යළි කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (03)දින නියම කළේය.

ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළ බව වාර්තාවේ. නඩුව කැඳවූ අවස්ථාවේ දී එහි පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින චන්ද්‍රරත්න යටවර නැමැත්තා අසනීපව රෝහල්ගතව සිටින හෙයින් අද දෙවන දිනටත් ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැත.

ඉකුත් දින අධිකරණය විසින් කළ නියෝගයට අනුව මෙම සැකකරු රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට වාර්තාවක් ද ගොනු කළේය.

ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 09 වනදා තෙක් කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටීමට අපහසු නම් ඔහු නොමැතිව නඩුවේ විභාගය පවත්වා ගෙන යාමට සඳහා විත්තිකරුගේ කැමැත්ත දැක්වෙන ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා විසින් ඔහුගේ නීතිඥවරයාට නියම කළ බව වාර්තා වේ.

බලපත්‍ර නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, චන්ද්‍රරත්න යටවර, වන ජීවි දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙක් වන උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනි යන අය විත්තිකරුවන් ලෙස නම් කරමින් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුණි.

Related posts

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

colombotoday

පුංචි ඡන්දයේ වියදම් සීමා ගැන අපේක්ෂකයින් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක්

Admin

“දමිළ විනිසුරුවරුන් විශ්වාස නෑ.. යාපනේදී හමුදා නිලධාරීන් සිරගත කිරීම සැක සහිතයි“

colombotoday

“රාජිතගේ බිරිද හොර රහසේම මහින්ද හමුවෙයි. පුවත අසත්‍යයි” – ඇමති රාජිතගේ මාධ්‍ය ලේකම් කරුණු පැහැදිලි කරයි

colombotoday

ඉරිදා මුළු දිවයිනටම ඇදිරි නීතිය යලිත් ක්‍රියාත්මකයි

colombotoday

මම පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින කෙනෙක් නෙවෙයි“ මහින්දගෙන් අගමැතිට පිළිතුරක්

colombotoday