බද්දේගම ප්රාදේශිය සභාවේ හිටපු මන්ත්රීවරයෙක් ව T-56 ගිනිඅවියක්, අත්බෝම්බයක්, මැගසින් එකක් සහ දේශීයව නිෂ්පාදනය කළ ගිනිඅවියක් ඇතුළු තවත් ආයුධ රැසක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය අද (07)දින සිදුකළ සෝදිසියක දී හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගත් බව වාර්තාවේ.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්රාදේශිය සභාවේ මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.