Colombo Today Local News

හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පති අනිවාර්ය විශ්‍රාම යවයි : ගුරුවරු 4 දෙනාගේ වැඩ තහනම්

අධ්‍යාපන චාරිකාවක් අතරවාරයේදී ත්‍රීකුණාමලය ,ගෝමරංකඩවල වැවෙහි දිය නෑමට ගිය සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල විද්‍යා විද්‍යාලයේ ගුරුවරුන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධි නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය.

එමෙන්ම ඌව පලාත් අධ්‍යාපන ලේකම් සන්දියා අඹන්වෙල මහත්මියගේ සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුගේ මූලිකත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද සිදුවෙමින් පවතින බවද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.

පසුගිය පෙබරවාරි 18 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිදුකළ මූලික විමර්ශනයට අනුව මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව වයස  අවුරුදු 59ක් සපිරෙන හාලිඇල විද්‍යා විද්‍යාලයේ විදුහල්පතිවරයා අනිවාර්ය විශ්‍රාම යැවීමටත් සිසුන් කැටුව ගිය ගුරුවරුන් සිව් දෙනාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය මත ඔවුනට වැඩ තහනමක් පැනවීමටත් තවත් ගුරුවරියන් දෙදෙනෙකු ඌව පළාතේ අති දුෂ්කර පාසල් වෙත ස්ථාන මාරු කර යැවීමටත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.

ආණ්ඩුකාරවරයාගේ නියෝග මත ඌව පළාත් අධ්‍යාපන ලේකම් විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇත.

අධ්‍යාපන චාරිකාවක් අතරවාරයේ සිසුන් 7 දෙනෙකු දිය නෑමට යාම සහ එසේ ගිය සිසුන් 4 දෙනෙකු මියයාම ඔවුන්ව කැටුව ගිය  ගුරුවරුන්ගේ නොසැළකිලිමත්කම නිසා සිදුවූ බවට ත්‍රීකුණාමලය නාගරික මරණ පරීක්ෂකවරයා විවෘත  තීන්දුවක් ලබා දී තිබුනි.

ගුරුවරුන් සිව්දෙනාට ලබාදුන් දඩුවම ගුරුවරියන් දෙපලට ලබා නොදුන්නේ ගුරුවරියන් සිසුන් බාරව කටයුතු නොකළ හෙයින් යැයි ද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

Related posts

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

colombotoday

මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

මිලියන 3ක අයිස් සමග සැකකරුවෙක් තලංගමදී අත්අඩංගුවට

colombotoday

මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා එලොව යයි

Admin

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday