Colombo Today Local News

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

ක්ෂේත්‍ර කිහිපයක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ. දෙරටේ ආරක්ෂක හමුදා අතර වඩා ශක්තිමත් සහයෝගීතාව, සාමුද්‍රීය ආරක්ෂාව, දෙරටේ වෙරළාරක්ෂක හමුදා අතර සහයෝගීතාව සහ අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම යන කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සාමුද්‍රීය කලාප පිළිබඳ දැනුම සමාලෝචනය කිරීමේ වැදගත්කම දොවාල් මහතා පෙන්වා දුන්නේය. සෙසු කලාපීය රාජ්‍යයන් ද නිරීක්ෂකයන් ලෙස මේ ක්‍රියාදාමයට හවුල් කරගත යුතු බව ඔහු පැවසීය.

රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමේ තාක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට ඉන්දියාව ප්‍රතිඥා දුන්නේය. ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරිමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් සඳහා උපකරණ මිලට ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සපයන බව ද ඔහු කීය. පෘථිවි සම්බන්ධීකරණ කේන්ද්‍රයක් පිහිටුවීම ගැන ද සාකච්ඡා කෙරිණ.

Related posts

මම දන්නේ නැතුව මාව දික්කසාද කරලා. මේ රටට කාති උසාවි එපා. – එක රටක් එක නීතියක් බලකායට බදුල්ලෙන් ලැබුණු අදහස්.

colombotoday

වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැතිගෙන් ජනාධිපතිට ලිපියක්

colombotoday

රටක් කාන්තාවට සලකන ආකාරය සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක්

colombotoday

විදෙස් මාධ්‍ය ජනපති මෛත්‍රීට මඩු වලිගයෙන් තලයි

colombotoday

“යුද ජය ගැන මම පොතක් ලියනවා.. අමාත්‍යාංශ වියදමට කෝටි 59ක් ඕන“ – ෆොන්සේකා

colombotoday

අලාභය බිලියන 2.5 යි. ඇවන්ගාඩ් සමාගමෙන් නාවික හමුදාවට එන්තරවාසි

colombotoday