Colombo Today Local News

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

ශ්‍රී ලංකාව තුල පැතිරයමින් ඇත්තේ වී වගාවට හානිකරන දළඹු විශේෂයක්ද යන්න සම්බන්ධයෙන්  පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා.

 එම  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් විජේකෝන් මහතා පැවසුවේ, කීට විද්‍යාඥයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් හරහා මෙම පරීක්ෂණය සිදුකරන බවයි.

ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී  පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සේනා දළඹු විශේෂය නුවරඑළිය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවල වාර්තා වී ඇති බවත්, යාපනය දිස්ත්‍රිකයේ බඩඉරිඟු වගාව සුලභ නොවන බැවින් එම දිස්ත්‍රික්කයේ දළඹුවාගේ පැතිරී යාමක් සිදු ව නොමැති බවත්  ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. විජේකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියා

Related posts

රජයේ රෝහල් මගින් බෙහෙත් වට්ටෝරු නිවසට ම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට

colombotoday

කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 7ක් නාකොටික් දැලේ

Admin

“උ/නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයංපාලනයක් අපට ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය

colombotoday

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

colombotoday

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

colombotoday