මැතිවරණ දිස්ත්‍රික්කින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5% කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
දැනට පවතින 5%ක්වූ එම සීමාව අහෝසි කිරීමට යෝජිත අතර 15 වැනි සංශෝධනයට පෙර පැවති 12.5% සීමාවට එය නැවත ගෙන ඒමට මෙම කෙටුම්පත මගින් යෝජනා කර ඇත.
දැනටමත් පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රය මුද්‍රණය කර ඇති අතර පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය.