World

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

සති කිහිපයකට පෙර කොවිඩ් වසංගතය බොහෝ දුරට පාලනය කර ඇති ආකාරයක් පෙන්නුම් කළ සිංගප්පූරුව තුළ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන තිබේ.

මුල් දිනවල එරට සැලකුණේ කොවිඩ් වසංගතය සාර්ථකව කළමනාකරණය කරගැනීමට සමත් වූ රටක් ලෙසිනි.

නමුත් දැන් එම තත්ත්වය වෙනස් වීමට පටන්ගෙන ඇති අතර මාර්තු 23 වන විට 500 ක්ව තිබූ ආසාදිතයින් ගණන මේ වනවිට 6,500 ද ඉක්මවා ඇත. පසුගිය 18 වැනි දින පමණක් අලුත් ආසාදිතයින් 950 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි.

සිංගප්පූරුව වර්ග කි.මී. 700 ක පමණ ඉතා කුඩා රටක් වීමත්, එහි ජනගහනය ලක්‍ෂ 57 ක් තරම් අඩු සංඛ්‍යාවක් වීමත් තුළ ආසාදිතයින් සංඛ්‍යාව මේ ආකාරයෙන් ඉහළ යාම ගැන විශාල අවධානයක් යොමු වී තිබේ.

හදිසියේ මෙවැනි තත්ත්වයක් ඇති වීමට විශාල වශයෙන් බලපා ඇත්තේ එරට තුළ රැකියා කරන සංක්‍රමණික ශ්‍රමිකයින් රැඳී සිටින නවාතැන්පොලවල වෛරසය ශීඝ්‍රයෙන් පැතිරෙන්නට පටන් ගැනීම සහ මේ පිළිබඳව ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොවීම බව සඳහන් වේ.

මෙම නවාතැන්පොළවල විශාල වශයෙන් ශ්‍රමිකයින් රැඳී සිටින අතර ඒවායෙහි දැඩි තදබදයක් පවතින බැව් වාර්තා වෙයි. මෙම ස්ථානවල වැඩි වශයෙන්ම රැඳී සිටින්නේ දකුණු ආසියාවේ රටවලින් පැමිණ ඉදි කිරීම් ක්‍ෂේත්‍රය වැනි අංශවල රැකියා කරන්නවුන් ය.

පසුගිය කාලයේ සිංගප්පූරුව වසා දැමීමේ (Lock down) පිළිවෙත් ද දැඩි ලෙස ක්‍රියාත්මක නොවීම වෛරසයේ පැතිරීමට බලපාන්නට ඇතැයි සැලකේ. කෙසේ වෙතත් ආසාදිතයින් සංඛ්‍යාව නැවත ඉහළ යාමට පටන් ගැනීමත් සමග මේ වන විට වඩාත් දැඩි සීමාවන් ක්‍රියාත්මක කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

Related posts

යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්

Admin

ජපානය හෙල්ලෙයි.. සුනාමියක්, න්‍යෂ්ටික බලාගාරවලටත් බලපෑම් !

colombotoday

උෂ්ණත්වය ඉහළයෑමෙන් කැනඩාවේ සියයකට අධික පිරිසක් මරුට

colombotoday

ඇෆ්ගන් ෂියා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. 40ක් මරුට !

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

මොළයේ සෛල විනාශ වීමේ රෝගයට හැදූ බෙහෙත සාර්ථකයි

Admin