Colombo Today Local News

සැකකාර කොටින්ට පොදු සමාව එපා. ඒ වැඩේට අපිත් විරුද්ධයි – හෙළ උරුමය

jhu

ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට පොදු සමාව ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ජාතික හෙළ උරුමය පවසනවා.

එහි මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට පොදු සමාව ලබා දෙන ලෙස කෙරෙන ඉල්ලීමද අසාධාරණ බවයි.

දැනට සිරගත කර සිටින එම එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට එරෙහිව වහාම අධිකරණමය ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවත් එය නීතිපතිවරයා සතු වගකීමක් වනවා මෙන්ම එය යහපාලන ආණ්ඩුවේ ද වගකීමක් වන බව එම නිවේදනයේ දැක්වෙනවා.

සැමට නීතිය හා යුක්තිය සදාචාරාත්මකව ඉටු විය යුතු බවත් එසේ නොමැතිව එක් එක් කල්ලි හා කණ්ඩායම්වල හෝ දේශපාලන බෙදුම්වාදීන්ගේ උවමනා එපාකම් මත කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩි දුරටත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

Related posts

ඉන්දියාවෙන් ලංකාවට ලෙඩක්

Admin

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin

මැතිවරණ දිනය අභියෝගයට ලක් කර ගොනු කළ පෙත්සම් සලකා බැලීම අද 6 වන දිනටත් සිදු කෙරේ

colombotoday

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday

බෝම්බ පිපිරීමක් ගැන පොලිස්පති ආරක්ෂක ලේකම්වරයාට යැවූ ලිපියක් අනුර හෙළි කරයි

colombotoday

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday