Colombo Today Local News

පුත්තලමේ මුස්ලිම් පල්ලියක ගුටි කෙලියක්, බේරන්න ආ අයටත් ගහලා.

attack in mosque

පුත්තලම – මුන්දලම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක ඇතිවූ ගැටුමකට අදාළව පුද්ගලයන් 14 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පල්ලියේ දේව මෙහෙය අවසන් වීමෙන් පසු ලබාදෙන ආධාර සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර, ගැටුමක් ඇතිවී ඇති බවයි. තත්ත්වය පාලනය කිරීම සඳහා පල්ලියේ සිටි පිරිසක් උත්සාහ දරා තිබුණද එය ව්‍යර්ථවූයේ ඔවුන්ටද එම පිරිස පහරදීම හේතුවෙන්. පසුව මුන්දලම පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන අවවාද කිරීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා.

පසුගිය සමයේ ප්‍රදේශ කිහිපයක දී මුස්ලිම් පල්ලි තුලදී ද කලහකාරී සිදුවීම් වාර්තා වුණා. අනුරාධපුර සහීරා විද්‍යාලයේ පල්ලියට පැමිණි කාන්තාවන් පිරිසකට තවත් මුස්ලිම් කණ්ඩායමක් විසින් පහරදීමක් සිදු වූ බව ද වාර්තා වූ අතර අනුරාධපුර මුස්ලිම් පල්ලියක් ගිනි තැබූ බවද වාර්තා වූණා. මේ පිළිබදව චෝදනා එල්ල වූයේ තව්හීද් ජමාත් නමැති සංවිධානයකටයි. ඔවුන් අරාබි රටවල මූල්‍ය ආධාර ලබන දරුණු මුලධර්මවාදී ආගමික අදහස් දරණ කණ්ඩායමක් බවත් සාම්ප්‍රධායික ඉස්ලාමීය ඇදහීම් වලට බාධා කරමින් අන්තවාදී ආගමික මතවාද ප්‍රචලිත කරන බවටත් මුස්ලිම් සමාජයෙන්ම චෝදනා එල්ල වනවා.

එමෙන්ම අරාබි රටවල මූල්‍ය ආධාර වලින් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් මුස්ලිම් ජනතාව අතර ආගමික අන්තවාදය ප්‍රචලිත කරන බවට ද පසුගිය සමයේ කතා බහට ලක් වූ අතර ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි හතරක් රට තුළ ක්‍රියාත්මක වන බව මීට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවද හෙළිදරව් කර තිබුණා. කෙසේ වෙතත් ඉකුත් දා බුද්ධී අංශ වාර්ථා කර තිබුනේ ISIS ත්‍රස්තවාදීන් සමග ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන් 7ත් දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි.

Related posts

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday

“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපති

colombotoday

ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!

colombotoday

මුදල් සංසරණයට නව කාසියක්

colombotoday

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි.. තානාපති අංශ කැළඹෙයි.. රජයට අනතුරුඅගවයි !

colombotoday