
පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය මේ මස 30 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16දා) නියෝග කළේය.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ගානියා බැනිස්ටර් නමැත්තිය අද (16දා) සවස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
රජය කෙරෙහි අපකීර්තියක් ඇති කිරීමට කටයුතු කිරීම හා සාවද්‍ය සාක්‍ෂි නිර්මාණය කිරීම යන චෝදනාව මත ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී තිබිණි.