Colombo Today Local News

ස්වයංපාලනයක් සමග සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම අපේ අභිලාෂයයි – සුමන්තිරන්

“දෙමළ ජනතාවට අර්ථවත් සහ සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් අවශ්‍ය යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය 19 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති අනුස්මරණ උත්සවයකට සහභාගී වෙමිනි.

“සම්පූර්ණයෙන් අපට දේශපාලන විසඳුමක් අවශ්‍ය යන්න ප්‍රකාශ කිරීම අර්ථවත් විසඳුමක් ලෙස තිබිය යුතුය. එය දැන්වීම් පුවරුවක් ලෙස තිබීමට නොහැකිය. එම බලය බෙදාදීම ඇතුලත් කල කරුණු සම්බන්ධයෙන් අපට ස්වයංපාලනයක් ලබාදෙන ලෙසත්, ෆෙඩරල් පාලනයක් පදනම් කරගත් ක්‍රමයක් සම්පූර්ණයෙන් ලබාදෙන ලෙසත් සඳහන්විය යුතුය. එය සිය කැමැත්තෙන් ලබාගැනීමට නොහැකි තත්වයක තිබිය යුතුය.

එවැනි ෆෙඩරල් පාලන ක්‍රමයක් දෙමළ ජනතාවගේ අභිලාශයක් ලෙස ඇත. ඒ ආකාරයෙන්ම, ෆෙඩරල් පාලන ක්‍රමයක් යන ඉල්ලීම සියළුදෙනා දැනගෙන, එය ලබාගැනීමට අප සියළුදෙනා එකමුතුවී කටයුතු කල යුතුය” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් එහිදී ප්‍රකාශ කර ඇත.

Related posts

බ්‍රිතාන්‍ය සමාගමක් රත්නපුරේ මැණික් ඉල්ලම් කැණීමට හොර රහසේම වැඩ අරඹයි

colombotoday

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

පොලිසිය සමාව ඉල්ලයි…

colombotoday

සාමකාමී මැතිවරණයකට කැපවූ සැමට ස්තූතියි- ගෝඨා

colombotoday

කිරි මිල ඉහළ දමනවා

Admin

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin