Colombo Today Local News

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරීපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපිරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියේය.

මාස 18කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත සිටි මෙම සැකකාරිය ඇතුළු 06 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ.

සහරාන් හෂිම්ගේ බිරිඳ ඊයේ (22) දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

කෙසේවෙතත් එහිදී ඇය සාක්ෂි ලබා නොදුන් අතර, සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගැනිම සිදුකරන්නේ ද නැද්ද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ දී තීරණයක් ලබාදීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේදී ඇය සාක්ෂි ලබාදීම සඳහා කොමිසම වෙත කැඳවා තිබුණ ද ඇයගෙන් සාක්ෂි විමසීම සිදුකෙරුණේ නැත.

Related posts

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.. ආණ්ඩුව වැටෙන්න ලඟයි

colombotoday

ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගමට ලබාදෙන ගෝල් මරීනා ව්‍යාපෘතියට මනූෂ විරුද්ධ වෙයි

colombotoday

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

colombotoday

පාතාලයෙන් වෙඩි වරුසාවක්

Admin

හෝමාගම කර්මාන්ත ශාලාවකින් අමුතු දුමක්…. අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

Admin