Colombo Today Local News

සහරාන්ගේ දෙවැනි ප්‍රහාරයකට මාලදිවයිනෙන් කණ්ඩායමක් ගේන්න සැලසුම් කරලා

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොහමඩ් සහරාන්ගේ කණ්ඩායම් තම දෙවැනි පෙළ ප්‍රහාරයේදී මාලදිවයිනේ සිටින අයි.එස්. කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට කළ සැලසුමක් ගැන ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක් කළ පසුව එම කණ්ඩායම්වලට මෙරටදී රැකවරණය දී මෙරට අන්තවාදී ප්‍රහාර සඳහා යොදවා ගැනීම ගැනද තොරතුරු අනාවරණය වී තිබේ.

2017 දී මාලදිවයින් අන්තවාදීන් හා සහරාන් පිලේ සාමාජිකයන් එකට හමුවීමෙන් පසු මාලදිවයින් අන්තවාදීන් මෙරටට පැමිණි බවද හෙළි වී ඇත. එම තොරතුරු ඔස්සේ ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව සෙසු කණ්ඩායම් අනාවරණය කිරීමේ මෙහෙයුම් ඇරඹී ඇත.

Aruna

Related posts

මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ගොනුකිරීමට හිටපු ජනපති ගෝඨාභයට කල්දෙයි

Admin

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

Admin

ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන චීනයෙන් ප්‍රකාශයක්….

colombotoday

පොලීසිය සහ සුරාබදු නිලධාරීන් විජේරාමේ ගිහාන්ස් අවන්හල වටලයි. | නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොන්න දීලා.

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin