Colombo Today Local News

ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි – ජනපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය හුදෙක් මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ආයෝජන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත  ලක්සම්බර්ග් විදේශ ඇමති ජීන් ඇසෙල්බ්‍රෝන් මහතා ඊයේ (31දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේසී මේ බව පැවැසීය.

ඉහළ නිපුණතාවක් ඇති ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බවත්, නවීන තාක්ෂණය භාවිත කරන කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව ඇති බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.

දෙරටේ සබඳතා තර කර ගැනීමට තමන් දක්වන උනන්දුව පළ කළ ආගන්තුක ඇමතිවරයා දෙරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බව  පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දී ලක්සම්බර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවට ලබාගත හැකි සහය පිළිබද අවධානය යොමු කෙරිණි. මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ලක්සම්බර්ග් රාජ්‍යයට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ දියුණුව සඳහා උපකාර කිරීමේ හැකියාව ඇති බව ඇමතිවරයා කීය.

ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනයට විශේෂ විභවතා ඇති බව ඔහු පැවසීය.

Related posts

මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නැහැ – IMF

Admin

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

colombotoday

ජනපති නියෝගයට එරෙහිව NGO කල්ලියෙන් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

කන්‍යා සොයුරි, වෙස් ගන්වා කතුන් රට පටවන ජාවාරමක් කොටු.. ගැලවීමේ හමුදාවටත් ගැලවෙන්න බැරිවෙයි

colombotoday

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Admin