වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිටින බව ඒ හිමියන්ගේ සම්බන්ධිකරණ ලේකම් ලෙස හඳුන්වන හුණුපිටියේ චන්ද්‍රසිරි නම් හිමි නම සඳහන් කර සිටිනවා.
පූජ්‍ය අතුරලියේ රතන හිමි විසින් වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගත් බවත් ඒ පිටුපස දේශබන්දු තෙන්නකෝන් මහතා සිටින බවත් හුණුපිටියේ චන්ද්‍රසිරි හිමි අද (26) පොලිස් මුලස්ථානය අසලදී මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේය.