Colombo Today Local News

විජය රජතුමා ලංකාවට පැමිණි බවට කිසිම සාක්ෂියක් නැහැ – මහාචාර්ය රාජ් සෝමදේව

මහාවංශ රාජාවලියේ මෙරට පළමු රජු ලෙස හඳුන්වාදී ඇති විජය රජු ශ්‍රී ලංකාවට පැමිණි බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් මෙතෙක් ලැබී නැතැයි පුරාවිද්‍යා පිළිබඳ ප්‍රකට මහාචාර්යවරයකු වන රාජ් සෝමදේව පවසයි.

ඔහු පවසන්නේ මහාවංශ රාජාවලියේ තෙවැනි රජු ලෙස දැක්වෙන පණ්ඩුකාභය රජුගේ මෙන් රජවරුන්ගේ ක්‍රියාකාරකම් හා ඉදිකිරීම් ආදිය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ගවේශන ඔස්සේ අනාවරණය වී ඇති නමුත් රාජාවලියේ ආරම්භකයා වන විජය රජු නමැත්තකුගේ ඉදිකිරීම් හෝ වෙනත් නිර්මාණ පිළිබඳ කිසිදු සාධකයක් ලැබී නැති බවයි.

‘‘විජය උතුරු ඉන්දියානු ජාතිකයෙක් විදිහටයි වංශ කතාවල විස්තර කරල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සමයේම විජය රජු පැමිණය බව කියන කතාව මහාවංශයේ සඳහන්ව තියෙන සහිත්‍යමය කරුණක්. සහිත්‍යමය යථාර්ථය තුළ තියෙන රූපකාය තමයි, ඔහු විදේශිකයෙක් කියන එක. ඔහු උතුරු ඉන්දියානුවෙක්. උතුරු ඉන්දියාවේ ඉඳලා ඔහු ඇවිත් මේ රටේ දේශපාලන සංගතයක් ඇති කරනවා.

නමුත් අපි විජය රජතුමා විසින් කරන ලද වැව්, ඔහු විසින් කරන ලද ආරාම, විජය රජු විසින් කරන ලද සෙල්ලිපි ගැන හෙව්වොත් ඒ හැම තැනම හිස්. විජයගෙන් පස්සේ එන පඬුවස්දෙව් ගැන කියන්න තියෙන්නේත් ඒකමයි. නමුත් ඊට පස්සේ එන පණ්ඩුකාභය රජු ගැන කිව්වොත් අභයවැව, අනුරාධපුර නගරය, ගිරි නිගන්ඨයාගේ ආරාමය වගේ ක්‍රියාකාරකම් රැසක් තියෙනවා.

ඒ නිසා මේක හරි සරල විශ්ලේෂණයක්. එහෙම බැලුවහම විජය රජතුමා පාලනය කරන කාලේ මුකුත්ම කරල නැහැනෙ. එහෙනම් මොකක්ද මේ කියවෙන යථාර්ථය. අපට මෙතෙක් විජය නමැති පුද්ගලයෙක් ලංකාවට පැමිණි බව සනාථ කිරීමට හැකි සාක්ෂි ලැබිලා නැහැ’’ යැයි මහාචාර්යවරයා පැවසීය.

Related posts

ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන්. ඇසින් දුටු සාක්ෂි මෙන්න

colombotoday

කැමරාවක් ගත් පමණින් මාධ්‍යවේදියෙක් වෙනවද ? – ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන

colombotoday

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

සිසුවාට වෙඩිතැබූ ගුරුවරයා අත්අඩංගුවට

Admin

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

colombotoday

රංගෙබණ්ඩාරගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – නාමල් රාජපක්ෂ

colombotoday