Colombo Today Local News

ව්‍යවස්ථා සංශෝධනයට, උතුරේ ඉඩම් නිදහස් කිරීම රනිල් එකගවුණා – TNA මන්ත්‍රී සිද්ධාර්ථන් කියයි

රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට නම් ලිඛිත ගිවිසුමක් ඉල්ලා සිටි බවත් එය අත්සන් කිරීමට එජාපය එකග වූ බවත් විශේෂ ප්‍රකාශයක් කරමින් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපය කැමැත්ත පළ කළ බවත් ඒ අනුව කොන්දේසි ගණනාවකට එකඟ වූ බවත්ය.

ඒ අනුව ප්‍රධාන කොන්දේසි 4ක් ඇතුළුව කොන්දේසි කිහිපයක් සඳහා එක්සත් ජාතික පක්ෂය ලිඛිතව පොරොන්දු ලබාදිය යුතු බවත් කඩිනමින් ව්‍යවස්ථාව සංශෝදනය, උතුරේ ඉඩම් ප්‍රශ්නය සහ පුරාවිද්‍යාව භාරයේ තිබෙන ඉඩම් නිදහස්  කිරිම ඇතුළු කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එම වීඩීයෝව පහතින්

https://www.facebook.com/274421936661226/videos/524637281374389/

Related posts

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

colombotoday

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකා ටෙලිකොම්, එටිසලාට් සමාගම මිළදී ගන්න යයි.. ගනුදෙනුව යට දූෂිත මගඩියක් !

colombotoday

මිහින් ලංකා ගමන නිමයි.. ගුවන් මෙහෙයුම් පුද්ගලීකරණයට නියමිත ශ්‍රී ලංකන් යටතට !

colombotoday

ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්

colombotoday

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

colombotoday