Colombo Today Local News

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

කුල ප‍්‍රශ්නයක් මත වවුනියාවේ ගම්මාන දෙකක් අතර ඇති වී තිබෙන කලහකාරී තත්ත්වය විසදා ගැනීමට ඕමන්ත පොලීසිය මැදිහත් නොවීම නිසා පොලීසියට එරෙහිව ගම්වැසියෝ විරෝධතාවයක් දියත් කළහ.

වවුනියාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරියට පැමිණ ගම්වැසියෝ විරෝධතාවය ආරම්භ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ඒ ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමග කරුණු සාකච්ඡා කළහ.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ විරෝධතා කරුවන් ඉවත් කොට ඔවුන්ට වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වරයාව හමු වීමට අවස්ථාව සලසා දීම නිසා විරෝධතාවය නතර කොට දැමීය.

වවුනියාවේ සින්නපුදුකුලම් ගම්මානයේ වැසියෝ කියා සිටින්නේ තම ගම්මානයට යාබදව පිහිටි නොච්චිමුට්ටේ ගම්මානයේ වැසියෝ කුල ප‍්‍රශ්නයක් මුල් කරගෙන කාලයක සිට විශාල ගැටුමක් ඇති කරගෙන සිටින බවයි.

පසුගිය සතියේදී මේ ගැටුම උත්සන්න වූ අවස්ථාවේදී එක් ගම්මානයක වැසියන්ගේ යතුරු පැදි දෙකකට අනෙක් ගම්මානයේ පිරිස් ගිනිතබා විනාශ කොට පුද්ගලයින් කීප දෙනෙකුට පහර දී තිබේ.

ඕමන්ත පොලීසියට එරෙහිව විරෝධය පලකිරීමට පැමිණි නොච්චිමුට්ටේ ගම්මානයේ පිරිස කියා සිටියේ මේ සිද්ධියට විශාල පිරිසක් සම්බන්ධ නමුත් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ එක් අයෙකු පමණක් බවයි.

සින්නකුලම ගම්මානයේ අයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීම නිසා උරණ වී සිටින එම ගම්මානයේ පිරිස් නොච්චිමුට්ටේ ගම්මානයේ පිරිසට තර්ජනය කරණ බවත් පාරේ ගමන් කරණ ළමයින්ට අඩන්තේට්ටම් කරණ බවත් ගම්වැසියෝ කියා සිටිති.

මේ තත්ත්වය සමථයකට පත් කිරීම ඉතා ඉක්මනින් සිදු නොවුවහොත් ගම් දෙකෙන් එක් අයෙකු හෝ කීප දෙනෙකු මරණයට පත්විය හැකි තරමට මේ කුල ප‍්‍රශ්නය උග‍්‍ර වී ඇතැයි නොච්චිමුට්ටේ ගම්මානයේ වැසියෝ කියා සිටිති.

මේ ප‍්‍රශ්නය වහාම විසදීමට පියවර ගන්නා බවට වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගම්වැසියන්ට පොරොන්දු වී තිබේ.

Related posts

පොහොට්ටුවේ ඇමැති ධුර දහය ගන්න හතළිහක් පෝලිමේ

colombotoday

බැදුම්කරේ මුදල් යොදාගන සිංහලයන්ගේ ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් – බොදු බලෙන් හෙට හෙළිදරව්වක්

colombotoday

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday

විජයග්‍රහණයේ 7 වන වර්ෂ පූර්ණය අදයි

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්. – Appointment මගින් පාස්පෝර්ට් ලබා දීම සිමාව ඉක්මවා යයි

colombotoday