Covid 19World

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.

නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඇමරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් 83 500ක් තහවුරු වී ඇති අතර චීනය රෝගීන් 81 782ක් සහ ඉතාලිය රෝගීන් 80,589ක් වාර්තා කළේය.

ඒ අනුව ඇමරිකාව චීනය සහ ඉතාලිය ද අභිබවා ගොස් තිබේ.කෙසේ වුවද ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයට හා ඉතාලියට වඩා අඩු අගයක් ගන්නා අතර එය මරණ 1 200ක් ලෙස සඳහන් වෙයි.

ඉතාලිය මරණ 8 215ක් සහ චීනයෙන් මරණ 3 291ක් වාර්තා විය.

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරාම මේවනවිට කොරෝනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පහසුකම් ලබාදී ඇති බවද, 552,000ක පමණ පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වලට යොමුකර ඇති බවද ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා පැවසීය

Related posts

ප්‍රභාකරන්ගේ රුව ප්‍රදර්ශනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන්.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි.

colombotoday

කොරෝනා හේතුවෙන් කුරුණෑගල පොලීසියේ ඒකකයක් වසා දමයි

colombotoday

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය ඉන්දීය මහ මැතිවරණය ඇරඹේ

colombotoday

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday