Covid 19World

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි හතර ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (18) දිනයේ ලොව පුරා නව ආසාදිතයින් 320,570 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඒ අනුව මේවන විට ලොව පුරා සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 40,278,207ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් මේවන විට ලොව පුරා පුද්ගලයින් 1,118,321ක් දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 8,387,799කි.

ලොව දෙවන වැඩිම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එරට සමස්‍ථ ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 7,548,238 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මොස්කව් අගනුවරට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්!

Admin

කිම් ජොන්ග් උන් ගෙන් දැඩි තීරණයක් – උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකරයි

Admin

ආසාදිතයින් 229ක් හඳුනාගැනේ

colombotoday

උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !

colombotoday

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

Admin

සැඟවී සිටි ට්‍රම්ප් එලියට එයි හමුදාව යොදවා විරෝධතාවන් මැඩ පවත්වන බවට අනතුරු ඇගවීමක්

colombotoday