Colombo Today Local News

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක් පවතින බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් සදහන් කර ඇත්තේ වසංගත තත්ත්වය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 5 ක පමණ අගයකින් පහල යනු ඇති බවට අපේක්ෂා කරන බවයි.කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විටත් ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකගේ රැකියා සහ ව්‍යාපාර කටයුතු අඩාල කිරීමට හේතු වී ඇති අතර දිළිඳු රටවලට මෙම තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබේ.

වසංගත තත්ත්වයෙන් ලොව පුරා රටවල සෞඛ්‍ය පද්ධතීන්ට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ලෝක බැංකු සභාපතිවරයා පෙන්වාදෙයි.

මෙම තත්ත්වය තුළ ලොව පුරා මිලියන 60 කට අධික පිරිසක් දරිද්‍රතාවයට පත් වීමේ අවදානමක් පවතින අතර පසුගිය වසර 3 තුළ දිළිදුකම පිටුදැකීම සදහා ගත් සියළු ක්‍රියාමාර්ගයන් ද පලරහිත වනු ඇති බව ලෝක බැංකු සභාපතිවරයා සදහන් කර තිබේ.

Related posts

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

colombotoday

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday

බැදුම්කර බෑණා “ස්වර්ණවාහිනිය“ සල්ලිවලට ගන්න යයි ! අලුත් පත්තරේ ලබන වසරේ මුල

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

චමල්, මහින්දානන්ද, විදුර ඇතුළු පහක් ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවතට ?

colombotoday