World

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයි

අද වන විට ලොව පුරා කොවිටඩ් අසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 54 ලක්ෂ 3,979ක් ලෙසයි.

වැඩිම ආසාදිතයින් පිරිස අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 17 ලක්ෂයකට ආසන්න වෙයි.

බ්‍රසීලයෙන් සහ රුසියාවෙන් ලක්ෂ 3 ඉක්ම වූ ආසාදිතයින් පිරිසක් වාර්තා වන අතර ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය සහ ඉතාලිය ආසාදිතයින් දෙලක්ෂය ඉක්මවා තිබේ.

මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව තුන් ලක්ෂ 43,975ක් වෙයි.

ඉන් ලක්ෂයකට ආසන්න පිරිසක් වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

එරට සංඛ්‍යා ලේඛනවලට අනුව මියගිය සංඛ්‍යාව 98,683ක් ලෙස දැක්වෙයි.

මේ අතර දැනට සුවය ලැබු ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසි දෙලක්ෂ 47,237ක් වෙයි.

ඒ අනුව සමස්ත ආසාදිතයින්ගෙන් සියයට 42කට ආසන්න සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් තිබීම විශේෂත්වයක් වෙයි.

Related posts

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

colombotoday

ඔමික්‍රෝන් අසල්වැසි ඉන්දියාවටත් ඇතුළු වෙයි

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin

චීනය ට්‍රම්ප්ට පෙනය පුප්පයි

Admin

“බාබි” කුවේටයේ තහනම් වෙයි

Admin

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday