Colombo Today Local News

රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියා පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රභූ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා ප්‍රභූවරයා සැකකරුවෙකු ලෙස නම් කර සිටියදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා සඳහන් කළේ වැල්ලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයටගත් බවත් එහි තිබී ගිනිඅවි දෙකක් තිබී සොයාගෙන ඇති බවත් ය.

එම ගිනි අවි සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව ඔහු පැවසීය.

අදාළ රථ දෙකෙහි රියදුරන් දෙදෙනාද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

2019 ජනාධිපතිවරණ පැවති දිනයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 221ක් යොදා ගනිමින් පුත්තලමේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශය කිරීමට මන්නාරමට රැගෙනයාම මගින් රුපියල් ලක්ෂ 95කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ ගැනෙන වැරදි ද සිදුකර ඇති බවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබේ.

මීට අමතරව, මොහොමඩ් රාෂීම් සහ අලගරත්නම් මනෝරන්ජන් නැමැත්තන්ද සැකකරුවන් ලෙස නම් කර ඇති අතර අලගරත්නම් මනෝරන්ජන් නැමැත්තා කිරුළපන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ඇඳිරි නීති කාලය තුල අත්‍යවශ්‍ය සේවා සදහා අවසර

colombotoday

ඇයි ඔබ නිහඩ.. අපි සිංහල නිසාද? ජනපතිගෙන්, අගමැතිගෙන්, හිටපු ජනපතිගෙන් බෝගස්වැව වැසියන් වෙනුවෙන් හාමුදුරුවෝ කරන ඉල්ලීම

colombotoday

ශ්‍රී පාදයේ හෝටලය තහනම්කලේ තාවකාලිකවයි.. අවසර ඉල්ලුවොත් දෙනවා – පරිසර අධිකාරිය කියයි

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday

දෙමටගොඩ චමින්දගේ සොයුරාට බොරැල්ලේදී වෙඩි

colombotoday

ග්‍රාමීය සූර්ය විදුලි බලාගාර 7000ක් ඉදි කිරීමට සැලසුම්.

colombotoday