Colombo Today Local News

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචාරණ සීමා ඉවතට

ඉකුත් 12 වනදා සිට සංචරණ සීමා කිරිමට ලක්ව තිබු රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා අද සිට ඉවත් කළ බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව සිරිමාපුර, යාය 01හි කොටසක්, යාය 2 යන ප්‍රදේශවල මෙලෙස සංචරණ සීමා ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. අදාළ ප්‍රදේශවල පුද්ගල නිරෝධායන කාල සීමාවලන් ඉකුත් වීමත්, සංචරණ සීමා පනවා තිබු කාලය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් යනාදී කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය බලධාරින් එම ප්‍රදේශවලට පනවා තිබු සංචරණ සීමාවන් ඉවත් කිරිමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් තවදුරටත් පුද්ගල නිරෝධායන කාල සීමාව නොඉක්මවා ඇති යාය 3,4,5 සහ 6 යන ප්‍රදේශවලට පනවා ඇති සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවත් රෝගීන් වාර්තා නොවුහොත් ඉදිරි දින කිහිපය තුල එම ප්‍රදේශවල ද සංචරණ සීමා ඉවත් කිරිමට හැකි වනු ඇති බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.

Related posts

මාතලේ පොළ වසා දමයි

colombotoday

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

Admin

අනුරාධපුරයේ වී ගබඩා 60කට සීල් – කිලෝ ලක්ෂ හයක් වී අලෙවි මණ්ඩලයට

colombotoday

ජාතියේ මුදුන්මල්කඩ අභියසදී ජනපති ගෝඨාභය හෙට වැඩ අරඹයි !

colombotoday

“ශ්‍රී ලංකාව කියා රටක් නෑ.. මෙහි නියම නම ඊළමයි” – විග්නේෂ්වරන් කියයි

colombotoday

පාසල් දැරියන්ට කලිසම ගලවා පෙන්නන පොලිස් කොස්තාපල්

colombotoday