Colombo Today Local News

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන කැබිනට් තීරණය

රාජ්‍ය සේවකයින්ගේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රාජ්‍ය සේවකයින්ගේ සියලු වැටුප් විෂමතා ජාතික වැටුප් කොමිසමට යොමු කර ඒවා ඉවත් කිරීමට අදාළ වැඩසටහනක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පවසයි.

ඊයේ (22)දින අමාත්‍ය මණ්ඩලය රැස්වු අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.

මේ අතර රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය හය ලක්ෂයක් පමණ වන සියලුම විශ්‍රාමිකයින් ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ඕනෑම විශ්‍රාමිකයෙකුට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ඊට අදාළව ප්‍රධාන නගරවල පිහිටි රජයේ රෝහල්වලින් මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරයට “රාජ්‍ය සේවකයින් සඳහා වන විශේෂිත වාට්ටු සංකීර්ණ” ඇති කිරීමට සැළැස්මක් සකස් කිරීමට ඊයේ (22)දින පැවති කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Related posts

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

colombotoday

වූහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් හරසර !

colombotoday

එජාප පසුපෙළ, කණ්ඩායම් රැස්වීම් වර්ජනයක !

colombotoday

ප්‍රමාද කරලා වැඩක් නෑ: ජනපති අපේක්ෂකයා නම් කරන්න. විමල් මහින්දගෙන් ඉල්ලන්න යයි

colombotoday

පොහොට්ටුව රටේ බලය අල්ලන බව බැසිල් කියයි

colombotoday

වෛරස් උණ රට පුරා.. මධ්‍යම පළාතේ මරණ 17 ක්

colombotoday