Colombo Today Local News

රාජගිරියේ අනතුර වෙලාවෙ මම ගෙදර හිටියා කියලා පරීක්ෂණවලින් ඔප්පු වුනා… මම නිදොස් !

රාජගිරියේ සිදුවූ අනතුරට අදාළ පරීක්ෂණවලට තමන් මුහුණ දුන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

“2016 පෙබරවාරි 28 දා රාත්‍රී 9.30ට පමණ අපේ අමාත්‍යාංශයේ වාහනයක යතුරු පැදියක් ගැටීමෙන් මේ අනතුර සිදුවුණා.

ඒ අවස්ථාවේදී මෝටර් රථයේ සිටි අපගේ රියදුරා බියට පත්වෙලා ගියා. මේ අවස්ථාවේදී යතුරු පැදිවලින් පැමිණ කණ්ඩායමක් ඔහු අල්ලාගෙන පහර දෙන්න හදන විට ඔහු බොරැල්ල පොලීසියට ගියා.

ඔහු මේක වාර්තා කළා. යතුරු පැදිවලින් පැමිණි අය සාක්ෂි ලබාදී තිබුණා. පදින්න තනම් 1000 සීසී අධිවෙීගී මෝටර් සයිකල් හතරක නැගිලා අධික වේගයෙන් පාර්ලිමේන්තු පිටිටයට ආවා.

මේ ගැන උසාවියට කරපු ප්‍රකාශ වල දැක්වී තිබෙනවා. මේ අවස්ථාවේදී අපගේ වාහනය සරණ පාරට හරවන විට එක් යතුරු පැදියක ගැටුණා. ඒ යතුරු පැදිය පදවාගෙන ආපු තරුණයා තමයි තුවාල ලැබුවේ. පසුපස ආපු තරුණයට මොකවත් වුණේ නෑ.

ඒ ඇතැම් අය මත්පැන් පානය කරලා හිටපු නිසා පොලීසියට යන්නත් බැරිවුණා. නමුත් පොලීසියට ගිහින් කිව්වා මේ හිටියේ චම්පික රණවක මහතාගේ රියදුරා කියලා.

මින් දින 6කට පස්සේ තරුණයන් දෙන්නෙක් සම්බන්ධ කර ගත්තා කූඨ ව්‍යාපාරිකයෙක්. මේ ගැන සම්පූර්ණ දුරකතන දත්ත අපි ළඟ තිබුණා. ඔවුන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළා.

අපි පරීක්ෂණවලට ඉඩ දුන්නා. පොලීසිය පරීක්ෂණයක් කළා. විශේෂ විමර්ශනයකුත් කළා. දුරකතන දත්තවලින් ඔප්පු වුණේ මම නිවසේ සිටි බවයි.ඒ දරුවා ගැන මම කනගාටුවෙනවා.”

-ada.lk-

Related posts

ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක්

colombotoday

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසා ගන්නා තත්ත්වයට පත්වෙලා

colombotoday

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්‍ෂි නැහැ – ඇමැති සාගල රත්නායක

colombotoday