Uncategorized

රනිල්ගේ ‘ලිච්ඡවී‘ ක්‍රමයට ITNහි මිනිස් බිල්ලක් හෝ ලේ සෙලවීමේ අවදානමක්…

සත්‍ය ගවේෂී ස්වාධීන මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අයි.ටී.එන්. සේවක මර්ධනය නවතනු.

පසුගිය වසර තුනකට ආසන්න කාලයේදී රාජ්‍ය මාධ්‍ය ආයතන බරපතල මුල්‍ය කඩාවැටීම්වලට ලක්ව තිබෙන බව පෙනෙන්නට තිබේ. මේ වන විටත් රාජ්‍ය මාධ්‍ය අයතනවල වෘත්තීය සමිති සහ සේවකයන් විසින් ගෙන යනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගවලින් මේ බව මනාව පැහැදිලි වේ. එහි ආසන්නතව සහ උච්චතම අවස්ථාව මේ වන විට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තුළින් දක්නට ලැබේ. පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවු ආණ්ඩු පෙරළියත් සමගම රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි පසුගිය පාලනාධිකාරීන් විසින් සිදු කළ දුෂණ ,වංචා සහ අක්‍රමිකතා අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් නැවතත් එක්සත් ජාතික පක්ෂ නව රජය ඇති වීමත් සමගම රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත පසුගිය එ.ජා.ප රජය සමයේ චෝදනාවන්ට ලක් වු සභාපතිවරුන් ප්‍රමුඛ පාළනාධිකාරිය එළෙසම පත් කොට තිබේ. මේ නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයකම සේවක නොසන්සුන්තාවන් වර්ධනය වෙමින් පවතින බව අප වෙත වාර්තා වී තිබේ.

මෙවැනි පසුබිමක ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ හිටපු පාළනාධිකාරිය විසින් එම මාධ්‍ය ජාලයට අයත් ස්ථාවර තැන්පතු මුදලින් රුපියල් කෝටි 64 ක් ලබා ගෙන අනවශ්‍ය ලෙස වියදම් කොට මුල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇතැයි එම ආයතනයේ සේවකයෝ  චෝදනා කරමින් පසුගිය දින කීපයේදීම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිති. පසුගිය පාළනාධිකාරිය යළිත් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට පත් කිරීම සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී තිබේ.

සමස්ථ සේවකයන්ගේ හඩට කන් නොදී ජනමාධ්‍ය ඇමැතිවරයා ඇතුළු රජය විසින් යළිත් පසුගිය පාළනාධිකාරිය යළිත් ස්වාධීන රූපවාහිනී මධ්‍ය ජාලයට පත් කිරීම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ප්‍රධාන හේතුව වෙයි. එසේ නම් “යහපාලන සංකල්ප“ පෙරදැරිව   “ලිච්ඡවි“ ක්‍රමයට ප්‍රශ්න විසඳන බවට සඵත කළ  අගමැතිවරයකු යටතේ සිදු කළ යුත්තේ සේවක හඩට කන් දෙමින් පසුගිය පාළනාධිකාරිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කොට වරදක් සිදුව ඇත්දැයි විමර්ෂණය කිරීමය.

Related posts

කඩා දමා ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම නොවේ…

colombotoday

මහජන සාමය ආරක්ෂාවට ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

colombotoday

දන් කාලේ භින්ෂූන් වහන්සෙලා කියන්නෙම බොන්න එපා, සිගරට් බොන්න එපා කියලා… එනිසා මම බණ අහන්නෑ – චන්ද්‍රිකා

colombotoday

“නාගදීපයේ බුදු පිළිමය අපේ නිජබිමට තර්ජණයක්” ද්‍රවිඩ සන්ධානය අවි අමෝරයි

colombotoday

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලුවලට ජනපතිගෙන් විසදුම්

Admin

නියමිත බර නොමැති පාන් සදහා නඩු

Admin