Colombo Today Local NewsHot News

රනිල් ජපාන පාර්ලිමේන්තුව අමතා ඉතිහාසගත වෙයි

japan-discussions-040614අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අද (06දා) අමතනු ලැබීය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව ඇමතූ තෙවැනි රාජ්‍ය නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසයට එක්විය. ඔහුට පෙර ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාපාන පාර්ලිමේන්තුව අමතනු ලැබීය.
නව මාවතක ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වන්නැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ය.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව ජපානය සමග දිගු කාලීන මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට සූදානම් බව ය.

විද්‍යා හා තාක්ෂණ සබඳතා තරකර ගනිමින් ආර්ථික සංවර්ධනයක් කරා රට ගෙන යාමට ජපානය සමග එක්වීමට සූදානම් බව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

 

Related posts

චන්දිමාල්ගේ උපන්දින සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට

colombotoday

ඇඳිරිනීතිය කැඩූ 11ක් අත්අඩංගුවට

colombotoday

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

colombotoday

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday

අලුතින් පත්වන ඇමතිවරුන්ට වැටුප නෑ.

colombotoday