Colombo Today Local News

රටේ ස්වාධීනත්වය හා ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටිනවා -මෛත්‍රීපාල සිරිසේන

රටේ ස්වාධීනත්වය හා ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම විටම පෙනී සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එසේම,ජාතියේ අනාගතය වෙනුවෙන් ද හෙට උපදින දරුවන් වෙනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම පෙනී සිටින බව ඔහු පැවසීය.

එම පක්ෂයේ 69වන සංවත්සරය නිමිත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

සෑම විටම දේශීයත්වය, ජාතිකත්වය, දේශජධ බව පෝෂණය කිරීමේ විශිෂ්ඨ වූ ජාතික මෙහෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු විසින් ඉටුකළ බව ද, මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම නිවේදනයේ සඳහන් කරුණු පහතින් දැක්වේ.

“1951 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙවී ගිය දශක කිහිපයේදී වරින් වර ආණ්ඩු ගණනාවක් පිහිටුවීමට සමත් විය. එම යුගයන්වල නායකත්වය දුන් විශේෂයෙන්ම පක්ෂ නායකයන් වන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙන්ම ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියද, මෙහිදී විශේෂයෙන් සිහිපත් කරමි.

පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරවල දී විවිධ කටයුතුවලට සම්බන්ධ වී ජීවිත පරිත්‍යාග කළ මියගිය සියලු නායකයින් ගෞරවයෙන් සිහිපත් කරමි.

මේ රටේ වාම හා ප්‍රගතිශීලී දේශපාලන කඳවුර 1950 දශකයේ සිට නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ සංවර්ධනය සදහාත් ජාතියේ අනාගතය සදහාත්, අති මහත් දැවැන්ත කාර්යයන් රැසක් එක් එක් යුග තුළ ඉටු කරනු ලැබීය. එමෙන්ම ජාත්‍යන්තර සබදතා ශක්තිමත්, කිරීම සඳහා විශේෂයෙන්ම බණ්ඩාරනායක ආණ්ඩු ඉතිහාසයේ කටයුතු කර ඇති ආකාරය අති ප්‍රශංසනීය වේ.

ගරු මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට නායකත්වය දුන් යුගයේ මිලේච්ජ් එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් රටට සාමය ගෙනදීමට කටයුතු කිරීම මෙහිදී සිහිපත් කළ යුතුය.

එමෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුරේ යාපනය දිස්ත්‍රික්කයෙන් අත ලකුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා ගැනීම අප පක්ෂ ඉතිහාසයේ ‌ඓතිහාසික ජයග්‍රහණයක් මෙන්ම මෙරට ජාතික දේශපාලනයේ ද, වැදගත් කරුණක් ලෙස සටහන් විය යුතුය.

2020 පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් 14දෙනෙක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කළ ලක්වැසි මාගේ හෘද්‍යාංගම ස්තුතිය පුද කරන අතර ජාතියේ අනාගතය වෙනුවෙන්ද හෙට උපදින දරුවන් වෙනුවෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම පෙනී සිටින බව මෙහිලා සඳහන් කරමි.”

Related posts

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි

colombotoday

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

Admin

“උතුරේ විරෝධතා සාධාරණයි.. සංසුන්ව කටයුතු කිරීම ගැන යාපනේ ජනතාවට ස්තූතියි“ – ජනපති

colombotoday

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday

යහපාලනය යටතේ ණය බර දෙගුණයකින් ඉහළට.. ඒක පුද්ගල ණයබර හය ලක්ෂයට නගී !

colombotoday