Colombo Today Local News

යාපනයේ තියුණු ආයුධ වලින් පහර දීමක් ආවා කල්ලියදැයි සැක

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07)දින රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කොඩිකාමම් වෙල්ලාම්බොක්කට්ටි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී නාදුනන පිරිස් එකවරම පැමිණ මෙම පහරදීම සිදු කොට පහරකෑමට ලක් වූ අයෙකු පැමිණි යතුරුපැදියක්ද ගිනිතබා පලා ගොස් තිබේ.

තියුණු ආයුදවලින් පහරකෑ තිදෙනෙකු දැඩි කැපුම් තුවාල සහිතව කොඩිකාමම් රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරකෑමට ලක්ව ඇත්තෙ එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි සුරේන්ද්‍රන් වෙනිස්වරන්, එහුගේ පියා වූ 53 හැවිරිදි වේලුපිල්ලේ සුරේන්ද්‍රන් හා 23 හැවිරිදි මහේන්ද්‍රන් අජන්තන් නැමති අයයි.

අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර ආවාකල්ලියේ පහරදීමක් හෝ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දැයි යන්න සැක සහිත බවට පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Related posts

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday

ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව පෙබරවාරි 17ට කල් යයි.

colombotoday

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

දරුවන් දෙදෙනෙක් මහවැලියට බිලි වෙයි

Admin

බටහිර අලුත්ම ආගම ‘මානව හිමිකම්‘ මේක මායවක්, බොරුවක් – කොළඹ අගරදගුරු මානව හිමිකම් පතුරු ගහයි…

colombotoday