Colombo Today Local News

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිත දැරියකගේ මළ සිරුරක් රබර් වත්තකින් හමුවෙයි

නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක තිබී මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්ව සිටි දැරියකගේ සිරුරක් හමුව තිබෙනවා.

ඊයේ (08) එම සිරුර නිවිතගල පොලිසිය විසින් සොයාගෙන ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියකි.

මරණකාරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙම සිදුවීම වූ දිනයේ දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට තිබෙනවා.

ඒ හේතුවෙන් දැරියට වෙළෙඳසැල වෙත පැමිණෙන ලෙස මව විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කළා.

වෙළෙඳසැල වෙත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාවක් මැදින් ඇති අඩිපාරේ ගමන් කරමින් සිටිය දී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරිගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.

ඇය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය විසින් දැනට සැකකරනු ලබයි.

Related posts

සැබෑ හොරු ආණ්ඩුවට එකතු කරගෙන, දේශපාලන වාසි ගන්න අපිව ඇදන් එනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

දිය නාමින් සිටි සිසුවෙක් කිඹුලෙකුට බිලි

colombotoday

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday

70 වන නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස එංගලන්ත රැජණගේ බාල පුතා එයි

colombotoday

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin

හිජාස් හිස්බුල්ලා තවත් දින 90ක් රඳවා ගැනීමට අනුමැතිය.

colombotoday