Colombo Today Local News

මුඛ ආවරණ පැළඳ නොසිටි වෙළෙන්දන්ට නඩු පවරයි

කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා පනවා තිබු ඇදිරිනිතිය අද (28) දින උදැසන ලිහිල් කිරිමත් සමග අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනිමට පැමිනෙන ජනතාවට භාන්ඩ අලෙවි කරන වෙළෙදුන් මුඛ ආවරණ පැළද නොසිටීමෙන් ඔහුන්ද, පැමිණෙන ජනතාවද අවදානමකට හෙලීම හේතුවෙන් මහියංගණ මහජන පරක්ෂක මහතුන් ඔහුනට විරුද්ධව නඩු පවරනු ලැබීය.

මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර් යාලයේ ප්‍රධානී වෛද්‍ය සිදත් රෝහන මහතාගේ නියමයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක මහතා ඇතුලු නිළධාරින් පිරිසක්  නගරය පරික්ෂා කිරිමෙන් අනතුරුව සෞඛ්‍ය නිති රිති උල්ලංඝනය කල වෙළෙදුන් 05 ක් හට මහියංගණ මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට කටයුතු කරනු ලැබීය.

එසේම පරික්ෂා කරන ලද වෙළෙන්දන් අතරේ පරිභෝජනයට නුසුදුසු හා කල් ඉකුත් වු ද්‍රව්‍යන් අළෙවි කරන ලද ව්‍යාපාරිකයෙකු හටද නඩු පැවරීය.

ඒ අනුව ව්‍යාපාරිකයන් 06 දෙනෙකු හට නඩු පවරනු ලැබීය.

Related posts

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියි

colombotoday

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

colombotoday

කිරිපිටි නමිත් මෙතෙක් කල් බී ඇත්තේ වස…

colombotoday

ජනපති ඝාතනයට සැලසුම් කළ මුස්ලිම් ජාතිකයා රදවාගෙන ප්‍රශ්න කෙරේ !

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday