Colombo Today Local News

මීගමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ජනතා විරෝධය

මීගමුව රෝහලේ නව ළමා වාට්ටුව විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විය.

මෙහිදී අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණි.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් උත්සවයෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

පසුව අමාත්‍යවරයා රොහලේ වෙනත් ගේට්ටුවකින් පිටව ගිය අතර අමාත්‍යවරයාගේ සෙසු වාහන විරෝධතාකරුවන් සිටි ස්ථානයෙන් පිටව යද්දී ජනතාවගෙන් විරෝධය එල්ල විය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති සංජය පෙරේරා ප්‍රකාශ කළේ මෙවැනි දේශද්‍රෝහී ඇමතිවරු එලවා දැමීමට පෙල ගැසිය යුතු බවයි.

Related posts

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණයේ අතුරු වාර්තාවක් ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට

Admin

ජනපති නිවෙස අසල විරෝධතාවක්

colombotoday

හිටපු තැපැල් ඇමති හලීම් අමාත්‍යංශයේ BMW රථයේ යතුර නැති කරයි. වැරැද්ද රියදුරු පිට පටවයි

colombotoday

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday

“ලියුමේ තිබ්බ මතයේ අදටත් ඉන්නවා.” – ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කිවූ සාගර කාරියවසම් අදත් තප්පුලයි

colombotoday

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin