Colombo Today Local News

ජනපතිට යැවූ පොහොට්ටු ඇමති ලැයිස්තුවේ ජොන්ස්ටන්, නාමල්, සනත් නිශාන්තත්… – ඇමති ලැයිස්තුව මෙන්න

ඉදිරියේ පත්වන සර්වපාක්ෂික ආණ්ඩුවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඇමති ධූර දැරීමට සුදුසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබේ.

මේ සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සහ කනිෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුගේ ම නම් ඇතුළත් බව ද දැනගන්නට ඇත.

එසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළ බව මේ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක ඇමති ධූර සංඛ්‍යාව ඉතා අඩු අගයක් විය යුතු බව ද පොදුජන පෙරමුණේ සාමාජිකයන් ද ඊට ඇතුළත් විය යුතු බව ද සාගර කාරියවසම් මහතා කීය.

සර්වපාක්ෂික ආණ්ඩුවක ප්‍රධාන වගකීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවරෙන බවත් එම වගකීම් ඉටු කර ජනතාවට සේවය කිරීම පක්ෂයේ වගකීම බව ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්‍ෂ, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත හා කංචන විජේසේකර ඇතුළු පිරිසකට අමාත්‍ය ධූර ලැබිය යුතු යැයි යෝජනා වී ඇතැයි වාර්තා වේ.

Related posts

කතරගමදී මිනිසුන් මරන පොලිසියට යාපනයට ගියාම ඉන්න වෙන්නේ කුක්කො වගේ

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday

ගම්පොල සපත්තු කඩ හිමියාගේ ගෙදර ත්‍රස්ත පුහුණු කදවුරක්… ත්‍රස්තයින් සමග බෝම්බ ඇදුම් බෑගයක් සපත්තු කඩෙන් හමුවේ…

colombotoday

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

සපුගස්කන්ද ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක ගින්නක්

colombotoday

වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා – ජී. එල්. පීරිස් කියයි

Admin