Colombo Today Local News

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය මේ මස 29 වන දින දක්වා වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

මේ අනුව බස්නාහිර, සබරගමු, මධ්‍යම, දකුණ, වයඹ, සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් සීයක් තරම් තද වැසි ඇති විය හැකි බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

අද(26) දිනයේ දී කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමිටර් 100 ක් තරම් තද වැසි ඇති විය ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරසිටියේ.

මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පලාත් වල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශ වලට සවස 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමතිලක සඳහන් කරයි.

Related posts

නිරෝධායන නීති කැඩූ 43,000 කට නඩු

colombotoday

චීන පොහොරවලට මුදල් ගෙවීම වළකාලමින් පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේ

colombotoday

දිගන ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

colombotoday

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday

ඉන්දියාවේ ධාවනයෙන් ඉවත් කෙරෙන දුම්රිය එන්ජින් 23ක් මෙරටට

Admin

මද්‍රව්‍ය චෝදනා ලැබ සිටින නාකොටික් 13දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday