ගෘහ සේවය යන්න වචනය දුටු පමණින් අපගේ අවදානය යොමුවනුයේ මැදපෙරදිග ගෘහසේවය පිළිබදවය. ඒ මන්දයත් දිනෙන් දින මැදපෙරදිග ගෘහසේවය හා සමිබන්ධ වු පුවත් අන්තර්ජාලය, විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් ප්‍රකාශයට පත්වන නිසාවෙනි. එම පුවත්වල සදහන් කරුණු සලකා බැලීමේදී අපට හැගෙනු ලැඛෙන එක් කරුණක් වේ. එනමි ගෙවි යන හැම තප්පරයක් පාසා මැදපෙරදිග ගෘහසේවයේ යෙදි සිටින ශ්‍රී ලාංකික එක් කාන්තාවක් හෝ හිංසාවට හා පීඩාවට පත්වන බවය. එය යාථාර්තයක් බව අපට කිසිදු සැකයකින් තොරව අනුමත කිරීමට අකමැත්තෙන් වුවද සිදු වේ.මේ සමිබන්ධයෙන් කතාකරනු ලබන බොහොමයක් පිරිස් මෙහි ඇති ඇත්ත තත්වය පිළිබදව කිසි දිනක කතා කරනු නොලබයි. ඔවුන් සියළු දෙනාම පවසන්නේ මැදපෙරදිග ගෘහසේවයේ නියතුව සිටියදි මුහුණපාන ගැටළු සමිබන්ධයෙන් පමණි. නමුත් මෙහිදි එයින් එහාට වු කරුණු කිහිපයක් පිළබදව අවධාණය යොමුකල යුතු මේ.
ශ්‍රි ලාංකික කාන්තාවන් වැඩි වශයෙන් මැදපෙරදිග ගෘහසේවය සදහා යෑමට ප්‍රධානතම වු හේතුවක් ලෙස ආර්ථික අපහසුතාවයන් පෙන්වා දිය හැකි. නමුත් මෙම ආර්ථික ප්‍රශ්ණයට ඇති එකම විසදුම මැදපෙරදිග ගෘහසේවයට නික්ම යෑම යැයි කෙනෙකු සිතන්නේනමි ඒ සදහා සමිපුර්ණයෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කල යුතුය. ඒ මන්දයත් එම ආර්ථික අපහසුතාවයන්ට පිළියමක් වු රැකියාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රි ලංකා රැකියා වෙළදපොල තුල ජනිතව ඇති නිසාවෙනි. මැදපෙරදිග ගෘහ සේවයෙහි යෙදිමෙන් ලාංකික කාන්තාවන් උපයා ගනු ලබන්නේ රුපියල් තිස්දාහකට ආසන්න වු මුදලකි. නමුත් ශ්‍රි ලංකාවෙි ඇගළුමි කේෂත්‍රයේ හා ඒ ආශ්‍රිත කේෂත්‍රයන්හි රැකියාවන්හි නියුතු කාන්තාවන්ද රුපියල් විසිපන්දහසකට ආසන්න මුදලක් උපයා ගනු ලබයි. තම ස්වාමි පුරුෂයන්ගේ කොන්ද පණ නැති කමට තම බිරිදට සහ දරුමල්ලන් හට කන්න අදින්න දෙන්න බැරි පිරිමි සිටිනතාක්කල් අපේ රටෙි කාන්තාවන්ට මැදපෙරදිග බැලමෙහෙවරකමි කිරීමට යාමට සිදුවනු ඇත. මෙය ඉතා බැරැරුමි සමාජ ගැටළුවකි. කාන්තාවන් විදේශ ගතවීමෙන් තම ආර්ථික ගැටළු විසදා ගත්තද ගෙදර බුදුන් ලෙස සැළකෙන කාන්තාව විදේශ ගතවීමෙන් පවුල් සංස්ථාව තුල පැන නගින ගැටළු බොහෝමයක් වෙයි. මෙය සමිබන්ධයෙන් ලියනවානමි පොත් ගණනාවක් ලිවීමට තරමි වු කරුණු ගණනාවක් ඇත.
ආර්ථික අපහසුතා වලට පිලියමි සොයා මැදපෙරදිගට පැමිණෙන කාන්තාවන් එහිදි තම ගරුත්වය රැකෙන පරිදි ජිවත් වෙනවාද නැද්ද යන්න පිළිබදව මෙහිදි සාකචිඡාවට ලක් කල යුතු ඊලග කරුණ වේ. අවුරුදු දෙකකට තුනකට විදේශ ගතවන කාන්තාවන් බහුතරයක් අරාබිකරයේ රැකියාව කරනවාට අමතරව අනියමි සමිබන්ධතා වලින් තම කායික සතුට සොයා ගොස් අවසානයේදී ලංකාවේ ඇති තම පවුල් ජිවිතය ආරවුල් කරගත් අවස්ථා දහස් ගණනක් අප අසා ඇත්තෙමු. මැදපෙරදිග රැකියාවේ නිරත වන ඉන්දීය බංගලාදේශ ජාතිකයන් සමග සමිබන්ධතා ඇති කර ගනිමින් තම ජිවිත අවුල් කර ගත් දහසකුත් කාන්තාවන් පිරිසක්ද ඇත. ඔවුන්ගේ එම තත්වයට වග කිව යුත්තේ ඔවුන්මය. ඔවුන් තම පහත් අශාවන් සන්තර්පනය කිරීමට යාමට ගොස් තම පවුල, නෑදැයින් හා අවසානයේදී තම ජිවිතය පවා නැති කර ගනු ලබන අවස්ථාද එමටයි.
මැදපෙරදිග ගෘහසේවයේ හා බැදුණු දහස් ගණනක් වු ගැටළු අතර ඉහත සාකචිඡාවට ලක් වු ගැටළු කිහිපය සදහා වගකිව යුත්තේ කවුද? එය තිරණය කල යුත්තේ අපමය . නමුත් තම තමන්ගේ සුක විහරණය සදහා තවත් එකෙකු විට වැරදි පටවන යුගයක මෙම ගැටළු වල වගකීම භාර ගත යුත්තේ කවිරුන්ද?
අනුෂ ජයා